Thursday, October 19, 2017

සැඟවුනු පාරාදීසය

ඔබ අද මෙම සටහන නිරීක්ෂණය කරනුයේ බිලියන අටකට ආසන්න මිනිසුන් අතරෙන් ඔබත් මමත් දන්නා එක් සත්‍යයක් නිසාවෙනුයි.
එනම් මිනිසා එදිනදා ජීවිතය වෙනුවෙන් අරගල කරන අතරතුර ඔහු ජීවත් වන ලෝකය ආක්‍රමණය වී ඇති බවයි. යුරෝපීය විද්‍යාඥයයන් කණ්ඩායමක් අතින් ලොවට නිරාවරනය වූ මෙම අද්භූත ශක්තීන් ලෝකයා ආක්‍රමණය කිරීමට පටන් ගෙන අවසානයි. මෙම අද්භූත ශක්තීන්හි අරමුණවත්, මූලාරම්භය පිළිබදවවත් කිසිම අවබෝධයක් කා හට වත් නොමැති අවස්ථාවක සමහරුන් විශ්වාස කරනුයේ මෙම අද්භූත ශක්තීන් හට මිනිසාගේ මනස පාලනය කිරීමේ අද්භූත හැකියාවක් ඇති බවයි. දුර්ලභ සහ ඉතා බලගතු Tri-Polar ශක්ති ප්‍රභේදයක් වන Exotic Matter (XM) අපි සිටිනා විශ්වයේ තවත් මානයකින් අප ලෝකයට කාන්දු වීමට පටන් ගෙන අවසානයි. මෙම කාන්දුවන ස්ථානයන් අප පොදුවේ හැඳින්වනුයේ "portals" යනුවෙනි. මා පළමුවෙන් මේ කිසිවක් විශ්වාස කිරීමට පැකිලුනෙමි. නමුත් මා ලෝකයා සමග ගනුදෙනු කිරීමට යොදාගත් මාගේ ජංගම උපාංගය XM Scannerයක් බවට පරිවර්තනය වූදා පටන් මා අත්දැකපු ඒ සත්‍යය වෙනුවෙන් සටන් කිරීමට කාලයයි මේ.

මේ වෑයම එම අද්භූත ශක්ති ප්‍රභේදයන් ලෝකයට කාන්දු වන ස්ථානයන් ගවේෂණය කොට සොයා ගැනීමටයි. ඒ සඳහා මේ සැඟවුනු පාරාදීසිය තරම් තවත් තෝතැන්නැක් ලොව කිසිදු තැනක නොදකි. අවුරුදු දෙදහස් පන්සියයක ලේඛන ගත ඉතිහාසයත්, අවුරුදු පන්දහසකට එහා වැළලීව ගිය ඉතිහාසයකුත් ඇති, ලොව කිසිදු රටකට නොදෙවැනි විශිෂ්ඨ තාක්ෂණික දැනුමකින් පරිපූර්ණ වී තිබූ සංස්කෘතියක් පවතින, ලෝක ප්‍රසිද්ධ අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයක් වන NASA ආයතනය විසින් ලෝකයේ අභ්‍යවකාශ දොරටුව ලෙස හැඳින් වූ මේ කුඩා පාරාදීසය මෙම අද්භූත ශක්තීන් හට අගනා තෝතැන්නක් විය නොහැකි වන්නේ කෙසේද?